හිජාබයේ වැදගත්කම-විෂමාචාර වූ ගැහුණු පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්ව

සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ සාක‍ෂියක් නැත.

සෑම ආගමක්ම විෂමාචාර වූ ගැහුණු – පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්වය හෙළා දකියි, පිවිතුරු සදාචාරාත්මක ජීවිතය උතුම් කොට සළකයි, එයට ආශිර්වාද කරයි. නමුත්, එම සදාචාරාත්මක ජීවිතය කෙසේ ගෙන එන්නේ ද, පවින් පිරුණු විෂමාචාරය මුලින් උදුරා දමන්නේ කෙසේ ද යනු ගැන ඉස්ලාමය හැර සෙසු ආගම් ප්‍රායෝගික මගක් ගෙන දක්වා කි්‍රයාත්මක කළේ නැත.

ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කිසිම කඩතුරාවක් හෝ ආවරණයක් නොමැතිව, උරෙන් උර ගැටී සෙල්ලම් කිරීමටත්, සෑම කටයුත්තක්ම කිරීමටත් හැකි පරිසරයක් ඇතිකර දීමෙන් පසුව, සදාචාරයේ මහිමය ගැන කතා කිරීමෙන් කිසිම ඵලක් නැත. අද, නොයෙකුත් සමාජයන් හි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් වැරදි මාර්ගයන්හි හැඩගැසීම, විෂමාචාරය ව්‍යාප්ත වීමට ප්‍රධාන කාරණයක් වී ඇත.

මෙම භයානක තත්ත්වය මුස්ලිම් තුළත් ඇතිවීමේ ලකුණු දැන් සමහර තැන්හි පෙනෙන්නට ඇත. මෙයට කාරණය නම්, මුස්ලිම්වරුන්ගෙන් වැඩිදෙනෙක් ඉස්ලාමයෙන් තොරව තම ජීවිතය පවත්වාගෙන යෑමට පටන් ගැනීමය. මෙම අනුවේදනීය තත්ත්වය ඇතිකිරීමෙහිලා ඉස්ලාමයට විරුද්ධ බටහිර, ලෞකික චින්තයන් හා එම චින්තන අනූව බටහිර පන්නයට ආවඩන ලේබල් මුස්ලිම්වරුන් කි්‍රයා කරගෙන යයි. මෙය වනාහි මුළු මානව සංහතියම තිරිසන් යුගයක් කරා ගෙනයන නින්දිත කි්‍රයාවකි.

ඉස්ලාමය වනාහි මානව සංහතිය තුළ සදාචාරාත්මක සමාජ ක්‍රමයක් ඇතිකිරීමෙහිලා ස්ථීර චේතනාවක් හා වැඩපිළිවෙලක් ගෙන ඇති දිවිපෙවෙතකි. මේ නම් අකුරට පමණක් සීමාවූවන් නොවේ. මුළු ලොවටම ආදර්ශමත් විශිෂ්ඨ සමාජයක් ඇතිකිරීමට මේවා තුළින් ඉස්ලාමය සමත් වී ඇත.

මෙම චේතනාව හා කි්‍රයා පිළිවෙළ පියවර සතරකින් සමන්විත ය.


පළවෙනි පියවර: විෂමාචාර ලෙස ස්ත්‍රීන් හා පුරුෂයින් අතර ඇතිවෙන සම්බන්ධතාවයන් ලොවෙහි ඇති කරන පාපකාරී තත්ත්වය කුමක්ද, සමාජ පරිහානිය කුමක්ද, ගෙන එන ලෙඩ රෝග මොනවාද, එයින් ඇතිවන අපකීර්තියන් හා අගෞරවයන් මොනවා ද යනු ඉස්ලාමය විස්තර කරයි. එමෙන්ම, මෙම පාපකාරී කි්‍රයාවන් නිසා මරණින් මතු ජීවිතයේ අල්ලාහ් අභියස හා අනෙකුත් තැන්හි ලැඛෙන ද~ුවම් හා දුක්ඛිත තත්ත්වයන් මොනවා ද යන්න ද ගෙන දක්වයි. මෙලෙස, දුරාචාරය කෙතරම් පාපකාරී කි්‍රයාවක් ද යන්න අප හද තුළ ඇති කරයි.


දෙවනුව: ලේ ඥාතීන් නොවන අන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කඩතුරාවක් නොමැතිව, නිදහස් ආශ්‍රයක් ඇතිකර ගැනීමේ පරිසරය, විෂමාචාර කි්‍රයාවන්ට තුඩුදෙන බව කවුරුත් දන්නා කරුණකි. එම නිසා, එම පරිසරය වෙනස් කිරීමට ඉස්ලාමය මඟ පාදයි. සෑම කෙනෙකුගේම බැල්ම, කතාව හා ක්‍රියාවන් කෙසේ විය යුතුද, ඇඳුම් පැළඳුම් කෙසේ තිබිය යුතුද, කිට්ටු ඥාතීන් (උදාහරණයක් වශයෙන්: පියා – දුව, මව- පුතා, සහෝදර – සහෝදරියන්) අතර පවා යමක් කමක් තේරෙන වයසට ආ විට කෙසේ හැසිරිය යුතු ද වැනි දේ විස්තර කරන, ඒවා කි්‍රයාත්මක කොට පෙන්නුවේය.


තෙවනුව: ඉහත සඳහන් පරිදි ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශ්වයම වෙන්කොට තැබුවත්, ඔවුන්ගේ සිත හා කය වැඩෙන විට ඒ සමඟම යම් යම් හැඟීම් හා එකිනෙකා කෙරෙහි කිසියම් ආදරයක්, ආශාවක් ද වැඩෙයි, මෙයින් ශාරීරිකා අවශ්‍යතාවයන් ද ඔවුන්ට ඇතිවෙයි. මෙය ඉස්ලාමය විසින් තහනම් කොට නැත. නමුත්, මෙය වැරදි මාර්ගයකින් ඉටුකර ගැනීමට ඉස්ලාමය ඉඩ නොදෙයි. මේ සඳහා ඉස්ලාමය ඇතිකර ඇති කි්‍රයා නම්, අල්ලාහ් පවසා ඇති පරිදි නීත්‍යානුකූලව ස්ත්‍රිය හා පුරුෂයා විවාහ විය යුතු බවය. මෙම විවාහය පහසුවෙන් කර ගැනීමට ඉස්ලාම් අවශ්‍ය විධි විධාන යොÞ ඇත.

සිව්වෙනුව : ඉහත සඳහන් සෑම කි්‍රයා මාර්ගයක් ම අභිබවා යම් ස්ත්‍රියක් හෝ පුරුෂයක් වැරදි කළහොත්, ඔවුන් විවාහ කර, කළ වරදට ද~ුවම් දීම සඳහා නීති පද්ධතියක් ද ඉස්ලාමය විසින් සකසා ඇත. උස් කඳුවැටි හා ගැඹුරු පල්ලම් අතර ඇති මාවත්හි වේගයෙන් යන වාහනයන්ගේ ආරක‍ෂාව තකා සමහර තැන්හි මාර්ග සංඥා දක්නට ඇත. එමෙන්ම, සවිමත් තාප්ප ද දක්නට ඇත. මෙයින් පෙනීයන්නේ එම සංඥාවන් නොතකා වේගයෙන් යන්නන් බේරාගැනීමට මෙම තාප්ප තනා ඇති බව ය. මෙවැන්නක් ය ඉස්ලාමයේ නීති පද්ධතියත්. මේ වනාහි සදාචාරයේ පැවැත්ම සඳහා ඉස්ලාමය කි්‍රයාත්මක කරන ඉහත සඳහන් කි්‍රයා මාර්ගය නොතකා වැරදි කරන්නන් යහ මඟට ගෙන ඒමට හා එවැන්නන්ගෙන් මානව සංහතිය ආරක‍ෂා කර ගැනීමට ගනු ලබන පියවරකි.

මෙලෙස, සදාචාරාත්මක සමාජයක් නගා සිටුවීමෙහි ලා ඉතා ශ්‍රේෂ්ඨමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් අනූව කටයුතු කළ ඉස්ලාමය වැනි තවත් ආගමක් හෝ ජීවන සැලැස්මක් ලබා ගැනීම කිසිසේත් නොහැක.

ඉස්ලාමය එතරම් ශ්‍රේෂ්ඨ ජීවන සැලැස්මක්ය. මිනිස් ජීවිතයේ සෑම අංගයක් ම, සෑම දෙයක්ම සොබා දහමට එකඟව කරගෙන යෑම සඳහා පහසු වැඩ පිළිවෙළක් එහි ඇත. එපමණක් නොව, ඉස්ලාමයේ මෙම වැඩ පිළිවෙළ අනූව සමාජයක් ද ඇතිකරනු ලැබ ඇත. අද මුස්ලිම්වරු නොයෙකුත් ප්‍රශ්නයන්ට මුහුණ පා සිටිති. මෙවන් අවධියක ද අනෙක් සමාජයීය මිනිසුන්ට වඩා මුස්ලිම්වරුන් අතර සංවරභාවයෙන් යුත් උසස් ගුණාංග ඇත්තේ නම්, එයට සම්පූර්ණ හේතුව වන්නේ ඉස්ලාමයේ මඟ පෙන්වීම ය.

ඉස්ලාමයේ මෙම කරුණු සම්බන්ධව, අප සැවොම මොහොතක් සිතා බැලීම අවශ්‍යය. අද, මානව සංහතියෙහි සදාචාරය ගෙන ඒමට මෙය හැර වෙනත් මඟක් නොමැත.

ටානියා නශ්රුදීන්- මහනුවර

* කාන්තාව සහ අධ්‍යාපනය
* කාන්තාවට ලබා දී ඇති අයිතීන්
* හිජාබ් -ෆර්දාව ඇඳීම සහ කාන්තා නිදහස
* දික්කසාදය හා ඉස්ලාම් නීතිය
* ගැහැණු පිරිමි දෙපාර්ශවයම ළඟින් ඇසුරු කිරීම
* කථා කිරීමේ අයිතිය
* පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී
* සාක්ෂි කීම-සාධාරණත්වය
* කාන්තාව සහ දේශපාලනය
* දේපල (වස්තුව) පිළිබඳ අයිතිය
* හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද?

Leave a comment