Category Archives: වෙනත්

රජ පවුලක ඉපිද සුඛෝපබෝගී ජිවිතයක් ගත කලද අල්ලාහ් අමතක නොකළ උතුමාණෝ

චීන යකඩ හස්තය තුල ඉස්ලාමිය සමුහාන්ඩුවක්

සදාචාරය පගා දමන රාජ්‍ය නොවන සංවිධාන

රමලානයේ සැබෑ අරුත-Why Ramadan brings us together

රමලාන් පිළිබඳව විවිධ මතිමතාන්තර මුස්ලිම් නොවන ජන සමාජයේ පැතිර ඇති බැව් නොරහසකි. ඒවායින් බොහෝ කරුණු රමලානය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය නොකළ මුස්ලිම් වුවද ඉස්ලාමය පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන්නෝ විසින් පවසනු ලැබූ ඒවාය. ඉතිරිය එවැනි මුස්ලිම්වරුන්ගෙන් අසා දැනගත් කරුණු අනුව ස්වකීය නිගමනයකට එළැඹීමෙන් සෙසු ජනයා විසින්ම ගොඩනගා ගන්නා ලද ඒවාය.

සෙසු ජාතිකයන් මුස්ලිම් ජාතිකයෙකුගෙන් ඉස්ලාමය පිළිබඳ කරුණු විමසන්නේ ඔහුට ඒ ගැන අවබෝධයක් ඇතැයි පූර්ව නිගමනයකට එළැඹීමෙන් එවැනි මුස්ලිම් ජාතිකයන් ද ඉස්ලාමය පිළිබඳව හෝ එහි ඇතැම් කරුණු පිළිබඳව හෝ පූර්ණ අවබෝධයක්, දැනුමක් නොමැතිවුවත් එය සඟවාගනිමින් ස්වකීය පාණ්ඩිත්වය ප්‍රදර්ශනය කරමින් නිවැරදි මෙන්ම වැරදි කරුණු ද එසේ විමසන්නා ඉදිරියේ ගෙනහැර දක්වයි.

රමලානය පිළිබඳව පමණක් නොව ඉස්ලාමයේ බොහෝ කරුණු පිළිබඳවත් සෙසු ජාතීන් තුළ ගොඩනැගී ඇති බොහෝ මතිමතාන්තර නිවැරදි ඒවා නොවේ. ඉස්ලාම් වූ පමණින් සෑම මුස්ලිම් ජාතිකයෙකුටම ඉස්ලාමයේ කරුණු කාරණා පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැත. පූර්ණ අවබෝධයක් ඇත්තන්ට ඒ පිළිබඳව සෙසු ජාතිකයන්ට පහදාදීමට තරම් හැකියාවක් නොමැත.

රමලාන් සමය උපවාස කාලයක් ලෙස ප්‍රධාන වශයෙන් හඳුන්වනු ලැබූවත් ඇත්තවශයෙන්ම එය උපවාසයකට වඩා රමලාන් ශීලය රැක්මක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය.එම මාසයේ සෑම දිනෙකම පෙරදිග අහසේ සුද පෙනෙන්නට පෙර ආහාරපාන ගෙන සවස හිරු බැස යන තෙක් ආහාරපාන නොගත යුතුය. ඇසට පෙනෙන කිසිම දෙයක් සිරුරේ කිසිම තැනකින් සිරුර තුළට ඇතුල්වීම එම උපවාස ශීලය බිඳීමක් ලෙස සැළකේ. ඒ අනුව ලිංගික එක්වීමද දුම් බීම ද නොකළ යුතුවේ.

එම කාල සීමාව තුළ ඇසගැටෙන ලෞකික ආශාවන් උපදවන දසුන් තුළින් ආගමික නොවන සිතුවිලි සිතෙහි ඇතිවීමෙන් උපවාස ශීලය බිඳෙයි.රමලාන් උපවාසය යනු ඇත්තවශයෙන්ම ආහාර වර්ජනයක්ම නොවේ. මෙහි සැබෑ අරමුණ ආධ්‍යාත්මික පුහුණුවයි. රමලාන් මාසයේ දහවල් කාලයේ ආශාවන්, හැඟීම්, මර්දනයට බලකිරීම ඉතිරි මාස 11 තුළ ආධ්‍යාත්මිකව පිරිසුදු වීමට පුහුණුවක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ආහාරපාන නොගෙන පමණක් උපවාසය රැකීමත් අල්ලාහ්ගේ කරුණාව හෝ ප්‍රතිලාභ බලාපොරොත්තු විය නොහැකිය. ‘බොරු කීමත්, එසේ හැසිරීමත් අත්හැරියේ නැද්ද ඔහු නිරාහාරව සිටීම අල්ලාහ් බාර නොගනියි. මෙවැනි උපවාසයෙන් අල්ලාහ් ඈත් වන්නේය”යැයි මුහම්මද් නබිතුමාණන් පැවසූ බැව් අබු හුෙරෙරා (රලි) දන්වා ඇත. (සහීහුල් බුහාරි)

උපවාසයේ යෙදෙන පුද්ගලයා සෑමවිටකම කළයුත්තේ උතුම් කාර්යයන් පමණි. නිරතුරුවම ඔහු හෝ ඇය අල්ලාහ් කෙරෙහි භක්තියෙන් ද සෙසු පුද්ගලයන් කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් ද පසුවිය යුතුය.

ලෞකික ආශාවන්වලින් ඈත්විය යුතුය.

විනයගරුකව ශීලාචාරව හැසිරිය යුතුය.

අනුන්ගේ සිත් නොරිදෙන ලෙස කතාබහ කළ යුතුය.

රමලාන් ශීලය රැකීමෙන් මිනිසා කුසගින්න ඉවසා ගනියි. පිපාසය ඉවසා ගනියි. ආශාවන් හා හැගීම් ඉවසා ගනියි. සත්‍යයම කතා කිරීමටත්, නිසි මගෙහි ගමන් කිරීමටත් පුහුණුවෙයි.

එමෙන්ම මේ ශීලය රැකීමෙන් ආහාර වර්ජනය වන නිසා වසරක මාස 11ක් එක දිගටම අවිවේකී වූ මිනිස් සිරුරේ ආහාර ජීර්ණ පද්ධතියට විවේකයක් ලැබේ.

ලෙඩදුක් අඩුකර වැඩි කාලයක් ජීවත්වීමට මඟපෑදේ.

තම ශරීරය මනසින් පාලනය කර ගැනීමට නියම පුහුණුවක් ලැබේ.

එමෙන්ම දුගියාගේ කුසගින්නේ උග්‍රතාව අත්දැකීමෙන් අවබෝධ කර ගැනීමට පොහොසතාට නිසි අවස්ථාවක් රමලාන් උපවාස ශීලයෙන් ලැබේ.

දුගී දුප්පත් ජනතාවට හැකි පමණින් උදව් කිරීමට තරම් පරිත්‍යාගශීලී බවක් සිතට ඇතුලු වෙයි.

රමලාන් උපවාස ශීලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසාගේ ජීවන රිද්මයට ආලෝකයකි. ජීවිතයේ නිසි මග පෙන්වන්නකි.


ෆවුස් මොහොමඩ්.

” O ye who believe! Fasting is prescribed to you as it was prescribed to those before you, that ye may (learn) self-restraint ”  Qur’an 2:183

Islamic Relief uses, and has always used zakat to help some of the poorest, most needy, and the most destitute people on the planet. Your zakat donations bring joy to these people, who know that their brothers and sisters all over the world haven’t forgotten them.

දැහැමි දිවියකට මඟ සලසන රමලාන් උපවාසය

මුළු ලොව පුරා වෙසෙන කෝටි 200 පමණ වන ඉස්ලාම් බැතිමතුන්ගේ අතිශය පූජනීය ‘රමලාන්’ මාසය (10) රාත්‍රී නව සඳ උදාවීමත් සමඟ ආරම්භ විය. එතැන් පටන් පුරා මාසයක් කාන්තා, පිරිමි බාල මහලු භේදයෙන් තොරව සැවොම රමලාන් උපවාස ශීලය රකිමින් අල්ලාහ් දෙවියන් කෙරෙහි දක්වන අචල භක්තිය ලොවට පිළිබිඹු කරති.

ඉස්ලාමයේ ප්‍රධාන වගකීම් හා යුතුකම් 5 අතරින් සිව්වැන්න රමලාන් උපවාස ශීලයයි. චන්ද්‍ර වර්ෂයක් තුළ පුරා මාසයක් කාලයක් අඛණ්ඩව ආත්ම දමනයන් හා සංයමයකින් යුතුව උපවාස ශීලය රැකීම ඉස්ලාමීය බැතිමතුන්ට අනිවාර්ය කළ අල්ලාහ් දෙවියන් වහන්සේ ඒ පිළිබඳ ‘අල් කුරානයේ’ මෙසේ පවසා ඇත. “විශ්වාස වන්තයනි, ඔබලා පාපී ක්‍රියාවන්ගෙන් ඈත්කර යහමග ගමන් කිරීම සඳහා වූ නිවැරැදි මාර්ගය වන මෙය පෙර සිට අයට අනිවාර්ය කළාක් මෙන් ඔබලාටද අනිවාර්ය කරමි.”

ඉස්ලාමීය වර්ෂ අනුව හිජ්රි 02 වර්ෂයේදී ආරම්භ වී ඇති රමලාන් උපවාස ශීලය එදා සිට අද දක්වාත් මින් මතුවටත් පැවැත්වේ. ඉස්ලාමීය දින දර්ශනය අනුව රමලාන් මාසය වර්ෂයේ 9 වන මාසයයි. එය ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන්ගේ අතිශය පූජනීය මාසය ලෙස සැලකේ.

මාසයක් පුරා දිවා කාලය ආහාර පානාදියෙන් වැලකී අධිෂ්ඨාන පූර්වකව ආගමානුකූල සිතුවිලිවලින් යුතුව උපවාස ශීලයේ යෙදීම තුළින් ගතට මෙන්ම සිතටද බලවත් විවේකයක් ලැබේ. උපවාස ශීලය යනු දිවා කල පුරා කුසගින්නේ සිටීමම පමණක් නොවේ. එම කාල වකවානුව තුළ ආත්ම සංයමය හා ආත්මදමනය හුරුකරගෙන දෛනික කටයුතුවල එලෙසින්ම නිරත වෙමින් සිරුර හා මනස පාලනය කොට දැහැමි දිවිපෙවෙතක් ගතකිරීමේ අභ්‍යාසයක නිරතවීම මේ තුළින් අපේක්ෂා කෙරේ.

මෙම උපවාස ශීලය පිළිබඳ නබිනායක මුහම්මද් (සල්) උතුමාණෝ මෙසේ පැවසූහ.

“සිත කය වචනය හා පසිදුරන් පාලනය නොකර මිනිසා නිරහාරව කුසගින්නේ තැබීමට අල්ලාහ් දෙවියන් වහන්සේට කිසිම අවශ්‍යතාවයක් නැත. අල්ලාහ් දෙවියන් වහන්සේ අපේක්ෂා කරනු ලබන්නේ උපවාස ශීලය මගින් මිනිසාට ලැබෙන දැඩි විනය හා හික්මීම තුළින් ඔහු යහපත් මිනිසකු වශයෙන් අල්ලාහ් දෙවියන්ගේ නියමයන්ට අනුව මෙලොව පරලොව යහපතට මෙන්ම අනුනට හිරිහැරයක් නොමැතිව ජීවත්වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමයි.”

සිරුරට ආහාර නොගෙන ලබාදෙන වේදනාව තුළින් කුසගින්න දුකක් බව වටහා ගැනීම නිසා කුසගින්නේ ආදීනව වටහා ගන්නා පුද්ගලයා කුසගින්නේ සිටින්නෙකුගේ කුසගිණි නිවීමට පෙළඹවීම, තමුන් ඉදිරියේ කොතරම් ප්‍රනීත රස මසවලු තිබුණත් ඒවා කෙරෙහි ආශාවක් හා ඇල්මක් ඇති නොකොට කුසගින්නේ සිටීමෙන් ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්තියක් ඇතිකර ලීම, අධික කුස ගින්න හා සාපිපාසාව නිසා ශරීරය දුර්වලවීම තුලින් ප්‍රවේගකාරි සිතුවිලි හා රාගික හැඟීම් පාලනය වීම, උපවාස ශීලය තුළින් අත්වේ

දෑවැද්ද-ඉස්ලාමය කුමක් කියයිද ?

විද්‍යාව කොපමණ දියුණු වූවද ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් ශක්තියක් එම නීතිය සම්පාදනය කළ යුතු නොවේද? මින් පෙනෙන්නේ මිනිසා තම දෑතින් නීති සම්පාදනය කිළිටි කිරීම තුළින් තම සහෝදර මිනිසාට කොතරම් අසාධාරණයක් සිදුකර ඇත්ද?

තවද ඉස්ලාම් මිනිසාව තම ජීවිතයට ඇති ලොල් බවින් මුදවාලන්නේ ය. තම ජීවත්වීමේ ආශාවම මිනිසා ඒකාධිපතියන් පැසිස්ටවාදීන් හමුවේ දණ නැමීමට හේතුව ලෙස දක්නා ඉස්ලාම් අයුක්තියට අසාධාරණයට එහෙරහිව දිවි හිමියෙන් සටන් කිරීමට මිනිස් සමාජයට උගන්වා දේ. එය වනාහි මිනිස් සංහතිය වෙනුවෙන් කරන්නාවූ උදාර පුණ්‍ය කර්මයක් ලෙස ද දෙසයි. මෙය වනාහි මානව සංහතියට ඉස්ලාම් දුන් උසස් දායදයකි.

ඉස්ලාම් මිනිසාව ඔහුගේ පහත් හා මිලේච්ඡ හැඟීම් වලින් මුදවාලන්නේය. මිනිසා කොම්පියුටර් හෝ ඩිජිටල් යුගය දක්වා කොතරම් බාහිරව දියුණු වූවද, මිනිසාගේ සැබෑ සංවර්ධනය වනාහි තම තිරිසන් හැඟීම් තමා පාලනය තබා ගන්නේද? නැත්නම් ඊට වහල් වී තම සිතැඟි පරිදි කි්‍රයා කරන්නේ ද? යන්න තීරණය කිරීම මත වේ. ඔහු තවදුරටත් තම පහත් ආවේගයන්ට වහලෙකු වී සිටින්නේ නම් එහි අර්ථය මිනිසා දියුණු වී නොමැත යන්නයි. බාහිර වශයෙන් මිනිසා අඟහරු තරණය කළද එය එතරම් සැළකිය යුතු දෙයක් නොවේ. මෙය වනාහී ඉතිහාසගත සත්‍යයකි. ලෞකීක ජීවිතයේ තෘප්තිය උදෙසා පමණක්ම කි්‍රයා කළ කුමන සමාජයක් හෝ මේ ලොවේ බලය, අධිකාරය, ගෞරවය රැකගෙන මිනිස් සමාජයේ උන්නතියට හවුල් වී නොමැති බව පෙනීයයි. ගෞරවනීය ලෙස ජීවත් වූ ග්‍රීක අධිරාජ්‍යයට වූ ඉරණම කුමක්ද? රෝම රාජධානියේ වැටීමට හේතුව, පර්සියානු අධිරාජ්‍යයාගේ වැටීමට හේතුව ඉතිහාසයේ යම් අවස්ථාවක ශරත්වය විදහා දක්වනු ලැබූ ප්‍රංශ අධිරාජ්‍යයා තම කාම සුඛළ්ලිකානු ජීවන රටාව හේතුවෙන් දෙවන ලෝක මහා යුද්ධයේදී, සතුරා වෙත එක පහරින් යටත් වූයේ නැද්ද? වීරත්වයේ ගෞරවයෙන් පිදුම් ලද ජනතාවක් සතුරා ගෙන් තම රට බේරා ගැනීම වෙනුවට තම සරාගී දහනේ කේන්ද්‍රස්ථානය වූ පැරිසිය බේරා ගැනීමට කි්‍රයා කළේ නැද්ද?

ඇමෙරිකාවද, මීට දෙවැනි නොවේ. විද්‍යාව කොපමණ දියුණු වූවද, ඒ මගින් මිනිසාගේ ස්වාභාවික හැඟීම් වෙනස් කළ නොහැකිය. විද්‍යාව වනාහී අල්ලාහ්ගේ නීතියෙහි අල්ප මාත්‍ර වූ කොටසකි. ඇමෙරිකාවේ විශාල භූමි භාගයක් හා බාහිර දියුණුවක් ලබා තිබුණද සදාචාරත්මක ලෙස කාන්තාරයක් බවට පත්ව තිඛෙන්නේය. වර්ණ වාදය, මෙහි කලූ ජාතික ජනතාවට කරන්නාවූ තාඩන පීඩන, තවද එහි මිලෙච්ඡ හැඟීම් වල උල්පත මත්ද්‍රව්‍ය ඒ ආශ්‍රිත අනාචාරය මේ නිසා ඒඩ්ස් රෝගයේ ව්‍යාප්තිය.

නව ලෝක රටාවක් හඳුන්වාදෙන ඇමෙරිකාවේ වර්ණ වාදය කොතරම් දුරට මුල් බැසගෙන තිබේදැයි විටින් විට ඇති වන්නාවූ වර්ණවාදී කෝලාහලවලින් දිස්වේ. තවමත් ඇමෙරිකානුවන් වහලූන් ලෙස කළු ජාතීන්ව සැලකීම මොවුන්ගේ පහත් සිත නොවේද? තව දුරටත් ඇමෙරිකානු නීතිඥයින් පවසන්නේ කුමක්ද යත්?

—කළු ජාතිකයින් ඇමෙරිකාවේ සම්පත්ය, ඔවුනට මිනිස් අයිතිවාසිකම් ලැබේද යන්න සැලකීම අපේ කාර්යය නොවේ.˜

මේ වූ ආකාරයට ඇමෙරිකාවේ පමණක් නොවේ. ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර යුරෝපයේ සිට ආසියානු මහද්වීපය දක්වා වර්ණයේ, ජාතියේ, ලිංග භේදයේ නාමයෙන් (ඉස්ලාම්හි කාන්තා විමුක්තිය පිළිබඳ වෙනම ග්‍රන්ථයක් සකස් වේ.) 21 වන සියවසදීත් මිනිස් සමාජය තුළ පුහු සීමාවන් පනවාගෙන ඇණ කොටා ගැනීම කොතරම් අඥාණ කි්‍රයාවක් ද?

මිනිසාව මිනිසා පහත් කොට සැලකීම ආරම්භවන්නේ කොතැනින් ද?

මා උසස්ය: නුඹ පහත්ය: මා පාලකයාය: නුඹ පාලිතයාය: මා මේ ජාතිකයාය: නුඹ අර ජාතිකයාය: මා සුදු ජාතිකයාය: නුඹ කලූ ජාතිකයාය: යන වෙනස්කම් හා ඒ යටතේ නැගෙන්නා වූ උසස් හැඟීම් තමා වැනි මිනිසුන්ව පහත් කොට සැලකීමට, අගෞරව කිරීමට පොළඹවන්නේය.

මෙවන් ආකාරයට මානව සංහතිය ඛෙදා වෙන් කරන්නාවූ පුහු ප්‍රලාපයන් තුරන් කිරීමට කරුණාවෙන්, සහෝදරත්වයෙන් වෙලීමට ගතයුතු පියවර කුමක්ද?

මේ සඳහා මිනිසාගේ චින්තනයේ හා ආකල්පවල වෙනසක් සිදුවිය හැක. මිනිසුන් සියල්ලන්ම අල්ලාහ් විසින් මවා ඇත. ඔහුගේ දෘෂ්ටියට සියල්ලන් සමානය, මුළු මානව සංහතියම එකම පුරුෂ, ස්ත්‍රී, මූලයේ සිටම නිර්මාණය කළේය. ජාතිය, දේශය, වර්ණය, භාෂාව යන්න උස් පහත් බව මැනීමේ ඒකක නොවේ. මේ වෙනස් කම් සියල්ල එකිනෙකා හඳුනා ගැනීමේ ආධාරක මිස, අඩ දබර කර ගැනීමේ සාධක නොවේ…. විනය ගරුත්වය, සදාචාරය, භය භක්තිය ඇති අය අල්ලාහ් වෙත උසස් වන්නේය. ඔවුන් තම සෑම කි්‍රයාවක් කෙරෙහිම අල්ලාහ් වෙත වගකිව යුතුය.

මෙවන් චින්තනයන් කිසියම් මිනිසෙකු සිතේ තැන්පත් වූ විට ඔහු අන් මිනිසුන් කෙරෙහි පහත් හා නින්දිත ආකාරයට නොබලයි. ස්වභාවයෙන් අන් මිනිසුන් කෙරෙහි කරුණාව, දයාව දක්වයි.

නව සියවසේ ජාති, දේශ, වර්ණ වැනි සීමාවන්ගෙන් තොරව ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව සහෝදර බැම්මෙන් එක්කර ඇත්තේ මේ ආකළ්පයයි. මේ චින්තයන මානව සමාජය පිළිගැනීමට හා කි්‍රයාත්ම කිරීමට ඉස්ලාම් අවශ්‍ය නොවේද?

මුහම්මද් නබි (සල්) තුමාණෝ පැවසූහ: —ආරාබි ජාතිකයින්, ආරාබි නොවන්නන්ට වඩා ද, කළු ජාතිකයින් සුදු ජාතිකයින්ට වඩා ද සුදු ජාතිකයින් කළු ජාතිකයින්ට වඩා ද උසස් නොවේ. අල්ලාහ් වෙත උසස් පුද්ගලයා භක්තිය ඇති පුද්ගලයා වේ.˜

ලෞකීක ජීවිතයේ බාහිර ඔපය පමණක් පිම්බීමට තම සියලූ සම්පත් කැටි කොට එල්ල කර ඇත්තාවූ ලෝක බලවතා නව සියවසේ දී මුළු මානව සංහතියටම හිසරදයක් වීම පමණක් නොව තමාගේ ගෞරවය, බලය අධිකාරයෙන් ද දුරස් වීම, දක්නට ලැබේ.

මේ සියල්ල තම ලොවේ ඇති වේදනා සහගත සිද්ධීන්ය. මෙයින් මානව සංහතිය මුදවා ගැනීමට ඉස්ලාම් අත්‍යවශ්‍ය නොවේද?



කතෘ: යූසුෆ් නියාස්


අති පාරිශුද්ධවූත්, මහා කාරුණිකවූත්, පරම දයාබර වූත් අල්ලාහ්

ගින්දර යුගයේ සිට අඟහරු යුගය දක්වා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් ඉතා සීඝ්‍ර ලෙස තාක‍ෂණික ලොවට අවතීර්ණ වූ නව යුගයේ මිනිසා මෙතෙකුත් තම පහත් හැඟීම් හා මිලේච්ඡ ආශාවන් වෙතින් මිදී ඉදිරියට ඒ මේ ප්‍රවණතාවයක් පෙන්නුම් නොකිරීම නව යුගයේ මුළු මානව සංහතියටම අති විශාල අභියෝගයකි.

මිනිසා අති විශාල වශයෙන් භෞතික වස්තූන් කෙරෙහි සම්බන්ධතා වර්ධනයෙහිලා ඉදිරියෙන් සිටියද, මිනිසාගේ සිත නොදියුණු වනචාරි යුගයක පැවතීම මිනිසා ලබාගත් සියලූ ද්‍රව්‍යමය වර්ධනයන් ක‍ෂණිකව විනාශ කිරීම පමණක් නොව මුළු මිනිස් සංහිතයම දරුණු ආගාධයක් කරා තල්ලූ කිරීමකි.

මිනිසා භෞතික හා ලෞකික වශයෙන් ලබාගත් දියුණුවේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඔහු තමා හා විශ්වය පිළිබඳ ලබා ගන්නා වූ නිවැරදි දැනුම ආශ්‍රයෙනි.

මිනිසාගේ දැනුම, බුද්ධිය හා අවබෝධය සැලකීමෙහිලා, කිසියම් සීමාවකට කොටුවී ඇති බව පැහැදිලිය.

විශ්වයේ සර්ව බලධාරියා වූ අල්ලාහ් මිනිසාව ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස පෘථීවියට ප්‍රවේශ කර මුලූ පෘඵිවි තලය තුළම මිනිසාව ඇගයීමට ලක් කර ඇත.

කාලයේ මැවුම් කරුවූ අල්ලාහ් ඒ කාලය තුළ මිනිසාව සිර කර ඇත.

පෘථීවියේ මැවුම් කරුවූ අල්ලාහ් අවකාශය තුළ මිනිසාව වෙල ඇත.

ආලෝකයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ ආලෝකයට වහල් කර ඇත.

අන්ධකාරයේ මැවුම් කරුවූ අල්ලාහ් මිනිසාව ඒ අන්ධකාරයේ අවශ්‍යතාවය කෙරෙහි ගොනු කර ඇත.

මේ වූ ආකාරයට ඉර, හඳ, ග්‍රහ තරු හා සුවිශාල විශ්වයන්ගේ මැවුම් කරුවූ සර්ව බලධාරි අල්ලාහ් පෘථීවි තලයෙහි තම උසස් නිර්මාණයක් වූ මිනිසාට අවශ්‍ය සියල්ල කිසිම අතපසුවීමකින් තොරව අංග සම්පූර්ණ කර ඇත. ඒ අනූව මිනිසාගේ බුද්ධියේ වර්ධනය ද වරින් වර අල්ලාහ් විසින් වර්ධනය කර ඇත. මිනිස් අවශ්‍යතාවයට සරිලන ආකාරයට ඒ හා සමාන වූ දැනුමක් මිනිසාට ලබා දෙන්නේද අල්ලාහ්ය. උදාහරණ වශයෙන් ගල් අඟරු, ඛනිජ තෙල්, ගෑස්, පරමාණු බලය, යනාදි ලෙස මිනිසාට අවබෝධය මඟ පෙන්වීම් කරන්නේ අල්ලාහ්ය. මේ සියලූ බල ශක්තීන් මිනිස් අවශ්‍යතාවන්ය. ඒවා අවශ්‍ය වකවානු තුළ මිනිස් බුද්ධියට මඟ පෙන්වනු ලබන්නේද, අල්ලාහ්ය.

මිනිසා විසින් හිරුට අවශ්‍ය හීලියම් වායුව සැපයුම් කළ යුතු නැත. වාතයට ඔක්සිජන් හෝ ජල වාෂ්ප සැපයිය යුතු නොවේ. ඒ සියල්ල අල්ලාහ් විසින් ක්‍රමවත්ව සූක‍ෂම හා සැලසුම් සහගතව සිදුකරන්නේය.


විශ්වයේ හා පෘථීවියේ අවධානය යොමු කළ විට මිනිසා වෙනුවෙන් අල්ලාහ් විසින් ප්‍රදානය කරන ලද්දාවූ දායාදයන් මිනිසාට ගිණුම් ගත කිරීමට බැරී තරමට ඉමහත්ය.

—මිනිසාගේ නිර්මාතෘ අල්ලාහ්ය. ඔහු මිනිසාට කථීකත්වය හා අවබෝධය ලබා දුන්නේය. හිරු හා සඳු ඒවාට නිශ්චිත කරනු ලැබුවා වූ මාර්ගයෙහි ගමන් කරන්නේය, ගස් වැල් ශාක යනාදිය අල්ලාහ්ව පිදුම් කරන්නේය, අහස මැවූ අල්ලාහ් එය උස් කළේය, මිනුම සමතුළිත භාවය හා යුක්තිය පිහිටුවාලූයේ මිනිසා එම සමතුළනයෙහි, සීමාව නො ඉක්මවාලීමටයි, යුක්ත ලෙස මිනුමෙහි යෙදෙන්න. එහි අඩුවක් නොකරන්න. තවද ඔහු පෘථීවිය මවා එය මැවීම්වලට උචිත කළා. එහි පලතුරු හා රට ඉඳි ගස්ද තිඛෙන්නේය. තවද පොතු සහිත ධාන්‍යයද, සුගන්ධය දෙන්නාවූ පැළෑටිද ඇත්තේය.˜ (ශු කුර්ආන් 55: 1- 12).

අල්ලාහ් විසින් මිනිසාට පමණක් නොව ස්වභාව ධර්මයටද ජීවය ලබා දී ඇත. හිරු සඳු, තාරකා සියල්ල අල්ලාහ්ගේ අණ පිළිපැද නිශ්චිත මාර්ගයෙහි ගමන් කරන්නේය, ඒ සිය්ලල මිනිසාට සේවය කිරීමට බැඳී සිටින්නේය.

—සූර්යයා, චන‍ද්‍රයා යන දෙපල තමන්ට නිශ්චිත මාර්ගයෙහිලා ගමන් කිරීම කෙරෙහි ඔබට අවනත කර දී ඇත.˜ (ශුද්ධවූ කුර්ආන් 14: 33).

තවද ගස්වැල් හා යෝධ ඝනයේ ශාක ගැන සලකා බැලීමේදි පරිසරයේ වැදගත්ම සාධකය ශාක බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. අප වෙසෙන්නා වූ භූමියෙන් තුනෙන් එකක් ගස් වැල් වලින් ගහනය වී ඇති බව පෙනීයයි. පරිසර සංරක්ෂණයට බලපාන මේ ශාක මගින් වාතය පවිත්‍ර කර, ජල සැපයුම් ක්‍රමවත් කර, ලක‍ෂ සංඛ්‍යාත පක‍ෂීන්ට හා සතුන්ට නවාතැන් සපයන්නේය, තවද මෙම ශාක කාබන්ඩයොක්සයිඩ් වාතය හා වෙනත් වායු ස්වසනය කර පෘථීවියේ ශිතෝෂණ භාවය ආරක‍ෂා කර පරිසර සමතුළනය රැකදෙන්නේය. මිනිසාට වැළෙඳන්නාවූ ලෙඩ රෝග සුව කිරීමට ලබා ගන්නා වූ ඖෂධ 3000 ක් වූ ශාක වර්ගයෙන්ම ලබා ගන්නේය. මේ මඟින් පිළිකා සඳහාද ඖෂධ ලබාගන්නේය. මේ ශාක වර්ග 2000 ක් ම ඇමසන් වනයෙහි පවතින්නේය.

ඉස්ලාමීය දෘෂ්ටිය අනූව අහස පොළොව, අවකාශය, කඳු, ගස්වැල්, අහසේ සැරිසරන්නාවූ පක‍ෂීන්ද, සතුන්ද අල්ලාහ්ව ප්‍රශංසා කරන්නේය.

—සත් මහා අහසද, පෘථීවිය හා ඇති සියල්ලද, අල්ලාහ්ට ප්‍රශංසා කරන්නේය, අල්ලාහ්ට ප්‍රශංසා නොකරන්නාවූ කිසිම වස්තුවක් නොමැත්තේය, නමුදු එසේ ප්‍රශංසා ස්තෝත්‍ර කිරීම ඔබට නොෙඳන්නේය.˜ (ශු අල්කුර්ආන් 15: 44).

තවද ජලය, භූමිය, වාතය, ගින්දර, සූර්යයා ලෝකය, ශාකයන් යනාදිය මිනිසාට පමණක් නොව සෑම ජීවියෙකුටම පොදුය. එහෙයින් මෙම සම්පත් මිනිසාට සීමාව ඉක්මවා පරිහරණය කළ නොහැකිය.

—එසේම දාවුද් සමග එක්ව (ස්තෝත්‍ර) කිරීමට කඳු හා පක්ෂීන්ද අවනත කර දුන්නෙමු˜ (ශු කුර්ආන් 17: 79).

නබි (සල්) තුමාණෝ මිනිසුන්ට පමණක් නොව සතුන්ටද, ගස්වැල්, පක‍ෂීන්, පමණක් නොව කඳුවලට පවා කරුණා, දයාව පෙන්වූහ. මදීනා නගරය අවට පිහිටි උහද් ශීඛරය කෙරෙහි නබි තුමාණෝ දැඩි සෙනෙහසක් දැක්වූහ. එක් වරක් උහද් ශිඛරය කම්පනය වනු දුටු නබි (සල්) තුමාණෝ

—උහද් සන්සුන්වන්න˜ ඊට පැවසූහ. මෙහිදී මිනිසුන් සමග කථා කරන්නාක් මෙන් කඳු ශිඛරය සමඟ කථා කළෝය, තවත් විටෙක —උහද් අපට සෙනෙහස පුදන්නේය, අපද එයට සෙනෙහස පුදන්නෙමු˜ යි කීවෝය.

සැම වස්තුවක්ම අල්ලාහ්ගේ පාලනයෙහිම පවතින්නේය. ඒවා අල්ලාහ් විසින් මිනිසාට අවනත කර දී ඇත. සැබෑ උරුමක්කරුවා අල්ලාහ්ය. මේ වස්තූන් මිනිසාට වගකීමක් ලෙසම බාර දී ඇත.

—ඔහුම අහසේ සිට ජලය පතිත කර ඒ මගින් සෑම වස්තුවකම මූලයන් අවතීර්ණ කළේය˜ (ශු අල්කුර්ආන් 6: 100).

ජලය වනාහි ඉතාමත් වැදගත් සම්පතකි. සෑම ජීවියෙකුගේම ජීවිත ජලය සමග වෙලී පවතී. පෘථීවියේ 3රැ4 ක්ම ජලයෙන් වට වී ඇත. එහි බාහිරව 70්‍ර ක් ම ජලයම වේ. දූවිලි සමග මෙන්ම වාතයේ ද, පෘථීවි අභ්‍යන්තරයේද, පස් සමගද, සෑම ජීවියෙකු වෙතම ජලය පවත්නේය. මිනිස් ශරීරයෙහි 70්‍ර ක් ම ජලය වේ. තවද අප අහරට ගන්නා පලතුරු, ධාන්‍ය, එලවළු වලද වැඩිම ප්‍රතිශතයක් ජලයම වේ.

පෘථීවි ජලයෙන් 98්‍ර ක් ම සාගර ලෙස පවත්නේය. එය ලූණු රස සහිතය, තවද 1්‍ර ක් උත්තර හා දක‍ෂිණ ධ්‍රැවයේ හිම ලෙස මිදි පවත්නේය. එහෙයින් පෘථීවි ජලයෙන් 99්‍ර ක්ම සෘජුවම පරිහරණය කළ නොහැකිය. එසේම පෘථීවි ජීවින් සියල්ලන්ම 1්‍ර ක් වූ ජලයම තම අවශ්‍යතා සඳහා පරිහරණය කළ යුතු වන්නේය.

අල්ලාහ්ගේ දායාදයන්ගෙන් ජලය ඉතාමත් උසස් දායාදයන්ය.

—අහසෙහි සිට සැලසුම් සහගතව ජලය අප පතිත කළෙමු. පසුව එය පෘථීවියේ ගබඩා කළෙමු. අප එය නැති කර දැමීමටද ශක්තිමත් වෙමු.˜ (ශු අල්කුර්ආන් 23: 18).

භූගත ජලය වර්ෂාව මඟින් පතිත වන්නාවූ ජලයම බව මෑතකදී සොයාගත් විද්‍යාත්මක සත්‍යයකි මෙයම කුර්ආන්හි අල්ලාහ් පවසා ඇත.

පානීය ජලය අපගේ දිවට උචිත රසයෙකින් අල්ලාහ් සංයුක්ත කර ඇත. එය ලූණු හෝ තිත්ත රස නොවී දිවට උචිත රසයකින් සංයුක්ත වී ඇත.

සාගර ජලය ලූණු රසම වේ. එය ජීවීන්ට පානය කළ නොහැකිය. එසේම එහි ලූණු රසය නොමවේනම් අපවිත්‍ර වී යනු ඇත.

—ඔබ පානය කරන්නා වූ ජලය දෙස බැලූවේද? එය වලාකුළු මතින් ඔබ පතිත කරන්නේද? නො එසේනම් අප පතිත කරන්නේද? අප සිතුවේ නම් එය පානය කළ නොහැකි නීරස බවට හරවන්නෙමු. ඊට ඔබ ස්තුති පූර්වක විය යුතු නොවේද?˜ (ශු කුර්ආන් 56: 68-70).

තවද මුහුදු ජලය සූර්යාලෝකය මඟින් ජල වාෂ්ප බවට හැරවෙන්නේය. තවද භූගත ජලයද ශාකයන්ගේ මුල් මගින් උරාගෙන පත්‍ර මඟින් ජල වාෂ්ප ලෙස වාතයට මුස් කරන්නේය.

හිරු රශ්මිය මඟින් ගොඩබිම් සීඝ්‍රයෙන් උණුසුම් වී එහි ඇති වාතය බර අඩු වී ඉහළ එසවීම තුළින් මුහුදේ වූ ජල වාෂ්ප සහිත වාතය ඒ අඩුව පිරවීම සඳහා ගොඩබිම් කරා හමන්නේය. එහෙයින් එම ජල වාෂ්ප සහිත වාතය ඉහල එසවීම තුළින් වලාකුළු බවට පත් වී වර්ෂාව පතිත කරන්නේය. ඒ මගින් ජීවීන්ට ප්‍රයෝජනවත් වන්නාවූ ගංගා ද සෑදෙන්නේය.

—අල්ලාහ් සුළඟ හැමීමට සලස්වන්නේය, ඒවා මතින් වලාකුළු ගමන් කරන්නේය. පසුව ඒවා වියළි, ඉරිතලා ගිය භූමියට පතිත කර ඒ මගින් මලානික වී ගිය භූමිය සකි්‍රය කරන්නෙමු.˜ (ශු අල්කුර්ආන් 35: 9).

වලාකුළු තුළ කිසියම් ප්‍රමාණයක විදුලිය කෙටීමක් සිදුවන්නේය. මෙය අපට ගෙරවිලි හා විදුලි කෙටීම ලෙස පෙනේ. මෙය එකිනෙකට ප්‍රතිවිරුද්ධ අංශුන් අතර සිදුවන්නාවූ සූක‍ෂම කි්‍රයාවලියකි. මෙම ප්‍රතික්‍රියා තුළ කිසියම් වෙනසක් සිදුවේ නම් ජලය නීරස වන්නේය. තවද විදුලි කෙටීම හේතුවෙන් ශාක සඳහා අවශ්‍ය ගණනය කළ නොහැකි නයිට්‍රජන් ප්‍රමාණයක් උත්පාදනය වීම කෙතරම් ආශ්චර්යක්ද?

—ආලෝකමත් විදුලි කෙටීම ඔහුම, ඔබට පෙන්වන්නේය, ඒ තුළින් ඔබට බිය හා වාසියක් සිදුවන්නේය, තවද ජලයෙන් සපිරු වලාකුළු ඔහුම ඇති කරන්නේය.˜ (ශු කුර්ආන් 13: 12).

තවද පානීය ජලය තමා තුළ දෘෂ්ඨිය පහරන්නා විදුලිය හා සවන බිහිරි කරවන ගෙරවිලි සහිත වීම කොතරම් ආශ්චර්යක්ද?

—අල්ලාහ්ගේ දායාදයන් ඔබ ගණනය කළේ නම්, එය ගණනය කිරීමට ඔබට නොහැකිය, ඇත්ත වශයෙන්ම මිනිසා සාපරාධී හා කළගුණ නොදත්තෙකු වන්නේය.˜ (ශු කුර්ආන් 14: 34).

—ඔබ මැවුම්කරුගේ වාක්‍යයන් ලිවීමට සියලූ සාගරයන් උපයෝගී කරගත්තද, එවැනිම තවත් ප්‍රමාණයක් උපයෝගි කරගත්තද, (සියලූ ශාකයන් පන්හිඳ ලෙස යොදාගත්තද) ඒවා නිමවූවද, ඔබේ මැවුම්කරුගේ වාක්‍යයන් නිම නොවේ.˜ (ශු කුර්ආන් 18: 109).

සර්ව බලධාරී මහා කාරුණික අල්ලාහ් මිනිසාගේ සියලූ අවශ්‍යතා සපුරා පෘථීවියට ප්‍රවේශ කර ඇත.

—ඔබට පෘථීවියේ සෑම පහසුකමක් සපුරා එහි ජීවන පහසුවද සපුරාලූවෙමු.˜ (ශු කුර්ආන් 7: 10).

විශ්වයේ සෑම අංගයක්ම මිනිස් ජීවිතයේ පහසුව, සෞභාග්‍යය හා සශ්‍රීකත්වය තකා ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරන්නේය. උදාහිරෙන් සූර්යයා පිබිදීමත් සමඟ මිනිසා තම නින්දෙන් අවදිවන්නේය. දහවල ඔහුගේ ශ්‍රමය කැප කිරීමට අවශ්‍ය, උෂ්ණත්වය, ශක්තිය හා කඩිසර බව ලබා දෙන්නේය. දහවල මුළුල්ලේ ශ්‍රමය කැප කළ මිනිසාට දැන් විවේකය අවශ්‍ය වන්නේය. ඒ සඳහා අඳුරු සළුව වසාලීමට අවශ්‍ය ආකාරයට සූර්යයා බටහිර සයුරේ ගිලිහීමත් සමඟ රෑ ඝනදුර මිනිසාව වෙලාගැනීමටත්, ඔහුගේ මහන්සිය මඟහැරීමට නිදියහනට ගොස් සුවය, විවේකය ලබාගන්නේය.

—රැය ද මොවුන්ට එක් හාස්කමකි. ඒ තුළින්ම අප දහවල උදුරා ගන්නෙමු. එවිට ඔවුන් අඳුර ලබාගන්නේය.˜ (ශු කුර්ආන් 36: 37).

ඉහත දැක්වූ ආකාරයටම මිනිස් ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වූ ජලය අහසින් පතිත වීමද, ඒ හේතුවෙන්ම ඉරි තැලී වියලි ගිය භූමියට ජීවය ලැඛෙන්නේය. තවද සශ්‍රීක වූ ශාකයන් දෑස් පිනවන පුෂ්පයන් විවිධ රසැති පලතුරු වර්ග එසේ සිව්පාවුන්ගෙන් මස් හා කිරි වර්ග භූමිය අභ්‍යන්තරයේ ඇති ඛනිජ වර්ග, පාෂාණ මේ ආදී මිනිස් ජීවිතයේ බාහිර අවශ්‍යතා සඳහා කෙතරම් සූක‍ෂම ලෙස සැලසුම් කර ඇත්ද? යන්න අල්ලාහ් පෙන්වා දෙයි.

—අල්ලාහ් අහස හා පොළොව නිර්මාණය කිරීම කෙරෙහිද, රැය හා දහවල යළි යළි පැමිණීම තුළින්ද, මිනිසාට ප්‍රයෝජනවත් දෑ සාගරයන් මතින් ගෙන යන්නාවූ නෞකා මඟින්ද, අහසෙහි සිට ජලය පතිත කර අල්ලාහ් ඒ තුළින් වියළී මලානික වී ගිය භූමිය ප්‍රාණවත් කිරීම තුළින්ද, එහිම සෑම වර්ගයකම ජීවීන් ව්‍යාප්ත කිරීම තුළින්ද, සුළඟ සෑම දිශාවකටම හැරවීම තුළින්ද, අහස හා පොළොව අතර සීමා වී සිටින්නාවූ වලාකුළු තුළින්ද බුද්ධිමත් ජනතාවට සාක‍ෂීන් තිඛෙන්නේමය.˜ (ශු අල්කුර්ආන් 2: 164).

ඇත්ත වශයෙන්ම පෘථීවිය මිනිසාගේ බාහිර අවශ්‍යතා සියල්ල සපුරා තිබුණද, මිනිසා වනාහී භෞතික වස්තූන් මෙන් අණු හා පÞර්ථවලින් පමණක් ගහන වේ, ඔහු ආත්මයකින්, මනසකින් හා ශරීරයකින් යුක්ත වූවෙකි. මිනිසාගේ ශරීරයෙහි හා මනසෙහි අවශ්‍යතා සපුරා තිබුණද, ආත්මයෙහි අවශ්‍යතාවද සපුරා ලිය යුතුය. ඒ සැපරීම් වස් දැනුම, බුද්ධිය අවබෝධය අසමත් වී ඇත. ඔහුගේ දැනුම කිසියම් සීමාවකට යටත් වී ඇති බව අල්ලාහ් පෙන්නුම් කරයි.

—ඔබට දායාද කර ඇත්තේ ඉතාමත් අල්ප මාත්‍ර වූ ඥාණයක් පමණි.˜ (ශු අල්කුර්ආන් 17:85).


ක්‍රිස්තියානීන් හා මුස්ලිම්වරුන්

කිතු බැතිමතා : පසුගිය අවුරුදු දහය තුළ ක්‍රිස්තියානීන් හා මුස්ලිම්වරුන් අතර ඔවුනොවුන්ගේ ඇදහීම් පිළිබඳව නොයෙකුත් සංවාදයන් පැවතී ඇත. මීට හේතුව කුමක්ද?

මුස්ලිම්වරයා: අපගේ දෙපාර්ශවයට ම පොදුවූ කරුණු රාශියක් තිබීම මීට හේතු වන බව මම සිතිමි. මෙලොවට වක්තෘවරුන් බොහෝ දෙනෙක් එවූ එකම මැවුම්කාරයා කෙරෙහි අපි විශ්වාසය තබන්නෙමු : යේසුස් වහන්සේ ආශිර්වාද ලත් මෙසායා ( messiah )ලෙසත් දෙවියන්ගේ වචනයක් ලෙසත් විශ්වාසය තබන්නෙමු. එහෙත්, යුදෙව්වන් මෙම කරුණු විශ්වාසය නොකරති.

අල් කුර්ආනය මෙසේ පවසයි:

මලාඉකාවරු පැවසූහ: මර්යම් නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගෙන් වූ වචනයකින් ඔබට (පුතෙක් ලැබීමට ඇති බව) ශුභාරංචියක් පවසයි. ඔහුගේ නම මසීහ්, මර්යම්ගේ පුතා ඊසා යනුවේ. ඔහු මෙලොවෙහි ද එලොවෙහි ද ගෞරවයෙන් යුතු වූ ද, (දෙවියන් ඉතා) සමීපවුවන්ගෙන් කෙනෙක්ව ද සිටි.

මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානීන් අතර යුරෝපය, කැනඩාව, ඇමරිකාව හා ඔස්ටේ්‍රලියාව ආදි රටවල සාකච්ජා පවත්වා ඇත. වැටිකන් නුවර (ක්‍රිස්තියානි) ශාස්ත්‍රයින් හා ඊජිප්තුෙවි මුස්ලිම් විශාරදයින් 1970 දී රෝමයේදීත් 1974 හා 1978 දී (ඊජිප්තුවේ අගනුවරය වූ) කයිරෝවෙහිදීත් සාකච්ජා පැවැත්වූහ. එමෙන් ම වැටිකන් නුවර ශාස්ත්‍රයින් සවුදි අරාබියාව් මුස්ලිම් ව්ශාරදයින් සමග 1974 දී රෝමයේ සාකච්ජා කළහ. (ශී්‍ර ලංකාවේ අගනුවර වූ) කොළඹ ද නොයෙකුත් සංවාද පැවැත් වූ අතර, ඉස්ලාමීය ඇදහිම් ව්ස්තර කරනමෙන් මුස්ලිම්වරුන් විටින්විට කි්‍රස්තියානි දේවස්ථාන වෙත කැඳවනු ලැබූහ.

කි. බැ: කි්‍රස්තියානි ආගම වර්ෂ 2000 ක් පමණ පැරණි ය..ඉස්ලාමය වර්ෂ 1400 කින් පමන පැරණිය. එසේ නම් දැන් පවත්වන මෙම සංවාදයෙන් ශත වර්ෂ ගනනාවකට පෙර නොපැවැත්වූයේ ඇයි දැයි කිව හැකිද ?

මුස්: මුස්ලිම්වරුන් අධික ලෙස වෙසෙන ආසියානික හා අප්‍රිකානු රටවල් ගණනාවක් පසුගිය ශත වර්ෂ තුන හතරක් ම බි්‍රතාන්‍ය, ප්‍රංශය, ඕලන්දය, ඛෙල්ජියම. ස්පාඤඤය පෘතුගීසිය වැනි රටවල්වලට යටත්ව තිබුණි. එම අවස්ථාවේ ක්‍රිස්තියානි මිෂනාරි වලට අයත් බොහෝ ආක්‍රමිකයන් නොයෙකුත් උපක්‍රම යොදමින්ද, දුගී දුප්පත් මුස්ලිම්වරුන්ට වෛද්‍ය ප්‍රතිකාර, ඇඳුම්, ආහාර පානාදිය, රැකියා වැනි දේ සපයා උදව් උපකාර කිරීමෙන්ද තම ආගමට හරවා ගැනීමට දැඩිලෙස උත්සහ කළහ. නමුත් මුස්ලිම්වරුන්ගෙන් ඉතා ටිකදෙනෙකි ඔවුන්ගේ ආගමට හැරුනේ. සමහරු ක්‍රිස්තියානි ආගමෙන් තමන්ට ශිෂ්ඨාචාරය සහ අද්‍යාපනික දියුණුව ලැබුණු බවට වැරදි මතයක් ඇති කරගෙන එම ආගම කරා ගියහ. ඇත්ත වශයෙන් යුරෝපයේ දේවස්ථානය (ක්‍රිස්තියානි මහා සභාව) හා වෙන වෙනම ක්‍රියාකාරීවන අන්දමින් වෙන් කිරීමෙන් පසුවය, ඔවුන් අදහස් කරන මෙම දියුණුව ලැබුවේ.

දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු, ආසියාතික හා අප්‍රිකානු රටවල්හි විසූ මුස්ලිම්වරුන් බොහෝ දෙනෙක් බටහිරට ගොස් පදිංචි වූහ මොවුනතර කම්කරුවන් හා වෘතිය රැකියාවන් කරන අය බොහෝ දෙනෙක් සිටියහ. මෙම පදිංචි වීම මුස්ලිම්වරුන් ක්‍රිස්තියානි ජනතාව සමග ඉතාම සමීප වූ සම්බන්ධතාවයන් ඇතිකර ගැනීමට හේතු විය. මේ අතර මුස්ලිම් ශිෂ්්‍ය ශ්ෂ්්‍යාවන්ගෙන් විශාල පිරිසක් ද බටහිර ඉස්ලාමය හඳුන්වා දීමෙ හි දැඩි උනන්දුවෙන් ක්‍රයාකරන්නට වූහ.

කි. බැ: මෙකල, මෙවැනි සංවාදය අධික ලෙස පැවැත්වීමට වෙනත් හේතු තිබේද ?

මුස්: මෙම දෙපාර්ශ්වය ම තම තමන්ගේ ආගම්වලට අන් අය හරවා ගැනීමේ තරඟකාරිත්වයෙන් යුතුව ක්‍රියා කළ මුත්, ඉස්ලාමය ප්‍රත්‍යක්ෂව බැලීමට කිතු බැතිමතුන් වැඩි වැඩියෙන් උනන්දු වූ නිසාත්, එකිනෙකා අන් මතයන්ට විරුද්ධව ක්‍රියා නොකරන තත්වයක් උදාවූ නිසාත් මොවුනතර පවතින පරතරය කි්‍රමානුකූලව අඩු වී ගෙන එන බවයි මම අදහස් කරන්නේ. —මුහම්මද් රැවටිලිකාරයෙක්˜ කාර්්‍යක්ෂම නොවූ තැනැත්තෙක් —මී මැස්මොර රෝගියෙක්,˜ යනුවෙන් ක්‍රිස්තියානි ගුරුවරයෙක් නිතර නිතර කී බව මට තවමත් මතකයි. දැන් මෙලෙස ඉස්ලාමයට නින්දා අපහාස කරන ලේඛකයින් ඇත්තේ සුළු කොටසක් බව ඔබට වැටහෙයි.

මුස්ලිම් වරුන් වන අපි, යුදෙව්වන්ට මිත්‍යා දෘෂ්ටිකයන්ට ද වඩා කිතු බැතිමතුන්, අපට ළංවූවන් බව නිසැකව අපි විශ්වාසය තබා ඇත්තෙමු.

අල් කුර්ආනය මෙසේ පවසයි.නියත වශයෙන්ම යුදෙව්වන් හා මිත්‍යා දෘෂ්ඨිකයින් මුඃමින්වරුන්ට (ඉස්ලාමය අදහන්නන්ට) දැඩි ලෙස වෛර කරන්නන් ලෙස (නබිතුමානනි) ඔබ දකින්නේය. නියත වශයෙන් ම අපි ක්‍රිස්තියානීන් වෙමු,යි පවසන්නන් මුස්ලිම්වරුන්ට ස්නේහයෙන් ඉතා සමීපවුවන් ලෙස (නබිතුමානනි) ඔබ දකින්නේය.මන්දයත් ,ඔවුනතර භක්තිමත් උගතුන් ද තාපස වරුන් ද සිටිති. තවද, ඔවුහු අහංකාර වන්නේ ද නැත.

ඉතිහාසයේ පළමු වරට ,ඉස්මායෙල්ගේ පුත්‍රයා වූ කේදාර්ගේ මාර්ගයෙන් ඉස්මායෙල්ගෙ පරම්පරාවේ පැවත එන කෙනෙකු ලෙස මුහම්මද් (සල්)තුමා පිළිගන්නා තරම්, සමහර කි්‍රස්තියානි ආගමික කොටස් අති ව්ශාල ලෙස දියුණු වී ඇත.

ඇමරිකාවේ පිහිටි ප්රෙස්බිටේරියන් (Presbyterian)දේවස්ථාන කි්‍රස්තියානි අධ්‍යාපන මණ්ඩලයේ අනුග්‍රහයෙන් වර්ෂ 1980 දී ප්‍රකාශනය කරනු ලැබූ ඩේවිස් බයිබල් ශබ්ධ කෝෂයේ (the davis dictionary of the Bible) හි කේදාර් යනු ඉස්මායේල්ගේ පරම්පරාවේ ඇති වූ ගෝත්‍රයක්ය. කේදාර්ගේ ජනයින් ලෙස හඳුන්වනු ලැබුවන් (ඉෂ්මායේල්ගේ පුත්‍රයා වූ) කේදාර්ගේ පරම්පරාවේන් පැවත එන්නෝය. අවසානයේ දී මුහම්මද් ඉපදුනේද ඔවුන්ගේ මෙම ගෝත්‍රයේය. සමස්ත ලෝක බයිබල් ව්ශ්ව කෝෂය[the international standard Bible Encyelopedia] ඒ.එම් ෆූල්ටන් [A.S. Fulton] පැවසූ බව මෙසේ සඳහන් කරයි.

ඉෂ්මායේල්ගේ ගෝත්‍රයන් අතර කේදාර්ගේ ගෝත්‍රය ඉතා වැදගත් එකක් ව්ය යුතුයි. එහෙයින්, පසු කලෙක මෙම නව කාන්තාරයේ තිබුණු සෑම ගෝත්‍රයකට ම යෙදුනි.කේදාර් නම් වූ මෙම ගෝත්‍රය වෙතින් ඉෂ්මායේල්ගේ පරම්පරාවේ කෙනෙකු ලෙස පසු කලෙක මුහම්මද් උපත ලැබූ බව වංශ පරම්පරා ගැලිම්වරු ඔප්පු කරති.

ස්ම්ත්ගේ බයිබලය ශබ්ද කෝෂය මෙසේ සඳහන් කරයි. ඉෂ්මායේල්ගේ දෙවෙනි පුත්‍රයා කේදාර්ය .මෙම කේදාර්ගේ ගෝත්‍රයෙන් පැවත ආ ඉතාමත් කීර්තිමත් කුෙරෙෂ් කුලයෙ හි මුහම්මද් උපත ලැබීය. මෙනයින් එතුමා ආබ්‍රහම්ගේ පරම්පරාවේ කෙනෙකු වූ හ. හිජාස් හි විසූ අරාබින් බනී හබ්රු (රණ ශුරයෝ) නමින් අමතනු ලැබූහ. තව ද ඔවුහු, ආරම්භ කාලයේ සිටම ඉෂ්මායේල්වරුන්( ඉෂ්මායේල්ගේ පරම්පරාවේ අය) ලෙස හඳුන්වනු ලැබූහ.

පැල්ග්‍රේව් [palgra]මෙසේ පවසයි, —ඔවුන්ගේ (හිජාස්හි විසූ අරාබීන්ගේ) භාෂාව කුර්ආනය ලියන (අනාවරණය කරන) ලද (ක්‍රි. ව 610- එදා මෙන් වර්ෂ 1200 ටත් පසුව අදත්, කිසිදු වෙනසක් නොමැතිව පවිත්‍රව තිබීම පෙරදිග සමාජ ආයතනයේ ස්ථීරත්වය හා කල් පැවැතීම ඔප්පු කිරීමේ කදිම නිදසුනකි.

බටහර ලොවට පදිංචියට ගිය මුස්ලිම්වරුන් බටහිර ජනතාවට දී ඇති ඉතාම වටිනා සම්පත ඔවුන්ගේ මිනිස් සම්පත හෝ ශ්‍රම ශක්තිය හෝ නොවෙයි, එය කුමක් ද යත්, අද බටහිරයේ මුල් බසිමින් ඇති ඉස්ලාමයයි. බටහිරයේ ඇති සෑම රටකම මුස්ලිම් පල්ලි(මස්ජිද්)හා ඉස්ලාමීය සංව්ධාන බොහෝ ගණනක් ඇත. බටහිරයින් ඉතා අධික ලෙස ඉස්ලාමය වෙත ආපසු පැමිණීම, දෛනික සිද්ධියකි. මෙහි —ආගම වෙනස් කරගනියි˜ යැයි නොකියා, —තමාගේ ආගමට ආපසු එතී˜ යැයි මම සඳහන් කිරීම ඔබට ප්‍රහේලිකාවක් වනු ඇත. නියත වශයෙන්ම සෑම කෙනෙක් ම උපත ලබන්නේ අල්ලාහ්ට අවනත වීමෙහි ය. එනම් ඉස්ලාම් හි ය. සෑම දරුවෙකුගේම ස්වභාව්ක උපත සිදුවන්නේ මෙලෙස ය. නමුත් ඔවුන්ව යුදෙව් ආගමට හෝ කි්‍රස්තියානි ආගමට හෝ වෙනත් ආගමකට, නැතිනම් නාස්තික වාදීන් බවට වෙනස් කරන්නේ ඔවුන්ගේ දෙමාපියන්ය. නැතහොත් ඔවුහු වෙසෙන සමාජය ය.

අද බටහිර රටවල්හි ඉස්ලාමය වේගයෙන් ව්‍යාප්ත වීගෙන ඇත. මෙම ව්‍යාප්ත වීම කඩුවෙන් (ආයුධයෙන්, බලහත්කාරයෙන්) නොව, මුස්ලිම්වරුන් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් කරගෙන යන ප්‍රචාරයන්ගෙන් සිදුවන බව නොරහසකි. කි්‍රස්තියානි මිෂනාරි නම් වූ විශේෂ සංවිධානයන් අප අතර නැත.

වර්ෂ 1934 සිට 1984 දක්වා ලෝක ජනගහනය 136 % කින් වැඩි වී ඇත. මෙම කාලය තුළ කි්‍රස්තියානි ආගම 47% කින් වර්ධනය වී ඇත. ඉස්ලාමය කි්‍රස්තියානි ආගමට වඩා පස් ගුණයක් අධිකව එනම් 235% කින් වර්ධනය වී ඇත. මෙම සංඛ්‍යා ලේඛන තම 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් —ද ප්ලේන් ටෘත්˜ [the plain truth] නම් වූ කි්‍රස්තියානි මාසික සඟරාව, 1984 පෙබරවාරි මස නිකුත් කළ ව්ශේෂ කලාපයෙහි සඳහන් කොට ඇත. එම සඟරාව මෙම ව්ස්තර උපුටා ගෙන ඇත්තේ ,”world almanac and book of facts 1935ග සහ .. Reader`s Digest almanac and year –book 1983 ග පොත්පතෙන්ය.

කි. බැ: යුදෙව් ආගම කි්‍රස්තියානි ආගම, ඉස්ලාමය යනාදී ආගම් තුනම එකම දෙවියන් විසින් දෙනු ලැබුවේ නම් ඒවා එකකට එකක් වෙනස් වී ඇත්තේ ඇයි?

මුස්: ආදම්(අෙලෙ) පටන් මුහම්මද් (සල්) තුමා දක්වා සියලූම වක්තෘවරුන් මුළු මානව සංහතියම අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත විය යුතුයි. යන එකම පනිවිඩය ඇතිවය මෙලොවට එවනු ලැබුවේ. මෙම අවනත වීම අරාබි භාෂාවෙන් ඉස්ලාම් යනු කියනු ලැබේ. —ඉස්ලාම්˜ යන වචනයට ශාන්තිය නම් වූ පදාර්ථයක් ඇත. එයින් සඳහන් වන්නේ මැවුම්කරුවා (අල්ලාහ්) ටත් මවනු ලැබූ ජීවීන්ටත් අතර පවතින ශාන්තිය වේ. යුදෙව් ආගමට හා කි්‍රස්තියානි ආගමට කවරෙකු විසින් කුමනාකාරයකින් එම නම තබනු ලැබුවේද, ඒ ආකාරයෙන් කවරෙකු විසින් හෝ ඉස්ලාමයට —ඉස්ලාම්˜ යන නම තබනු නොලැබුවේ ය. ඉස්ලාමයට මෙම අර්ථවත් නම තැබුවේ එය පිරිනැමූ අල්ලාහ් ය. මේ පිළිඹඳව අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි.

—අද දින ඔබ වෙනුවෙන් ඔබගේ ආගම මම සම්පූර්ණ කළෙමි, ඔබ වෙත මගේ අනුග්‍රහය ද සම්පූර්ණ කළෙමි, තවද ඉස්ලාමය (යහපත්) ආගමක් වශයෙන් ඔබ සඳහා තෝරාගෙන ඇත්තෙමි.˜ (අල් කුර්ආන්5-3

යුදෙව් ආගම, කි්‍රස්තියානි ආගම යනා දී නම් බයිබලයේ පමණක් නොව බයිබල් ශබ්ද කෝෂයෙහි ද දක්නට නැත. ඊස්රාඉල්වරුන් වෙත එවනු ලැබූ කිසිම වකතෘවරයෙක් ඔවුන් සතු කාර්යභාරය ඉටුකරන කල්හි යුදෙව් ආගම යන නම භාවිතා නොකළහ. —මෙම පොළොව මත කි්‍රස්තියානි ආගම පිහිටුවමි˜ යැයි යේසුස් වහන්සේ නොපැවසූ හ. —කි්‍රස්තියානි˜ යන වචනය බයිබලයේ අලූත් ගිවිසුමෙහි තෙවරක් සඳහන් වී ඇත. යේසුස් වහන්සේ මෙලොවෙන් ගොස් බොහෝ කලකට පසු, එනම් ක්‍රි. ව 43 පමණ පළමුව මිත්‍යා දෘෂ්ඨිකයින් ද දෙවනු – යුදෙව්වන් ද අන්තියෝක් යන ස්ථානයෙහි දී කි්‍රස්තියානි යන වචනය කීහ.

බයිබලයේ අළුත් ගිවිසුම මේ ගැන සඳහන් කරයි.

—ගෝලයෝ කි්‍රස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදී ය.˜(අළුත් ගිවිසුම:11-26

පසුව දෙවෙනි රජු මෙසේ පැවසූ බව බයිබලයේ සඳහන් වෙයි.

—එවිට අග්‍රිපා කථා කොට, වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා කි්‍රස්තියානිකාරයෙක් කරන්ට සිතනවායයි පාවුල් ට කීවේ ය.˜(අළුත් ගිවිසුම:26-28

මෙලෙස —කි්‍රස්තියානි˜ යන නම පළමුව පතුරුවන ලද්දේ යේසුස් වහන්සේගේ දේව ගැති මණ්ඩලයේම සිටි සතුරන් විසින් මිස මිතුරන් විසින් නොවන බව පැහැදිළිය. අනතුරුව, පේත්‍රැස් විසින් ද කි්‍රස්තියානි යන නමට විස්වාසය දක්වන ලදී.

මේ ගැන බයිබලය මෙසේ සඳහන් කරයි.

—නමුත්, යමෙක් කි්‍රස්තියානිකාරයෙකු මෙන් දුක්විඳී නම් ඔහු ලැජ්ජා නොවී ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරත්වා˜ (අළුත් ගිවිසුම:1 පේත්‍රැස් 4-16

මෙම පොළොව මත මුස්ලිම් වරයෙක් ලෙස අමතනූ ලැබූ පළමු මිනිසා මුහම්මද් (සල්) තුමා නොවෙයි, අල්ලාහ්ට අංග සම්පූර්ණව අවනතවූ ආබ්‍රහම් තුමා වෙයි. එපමනක් නොව, ආබ්‍රහම්ට පෙර පැමිණී වක්තෘවරුන් වූ ආදම් සහ නෝවා යනාදින්ටද ඉස්ලාමය ජීවන සැලැස්මක් ලෙස අනාවරණය කොට තිබුණි. එවකට පටන් මුළු මිනිස් සංහතියටම අදාළ ජීවන සැලැස්මක් ලෙස ඉස්ලාමය බැබැළෙයි.

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් සතු සුවිශේෂත්වයන්

ඉස්ලාම් දහම කිසිදු මනුෂේ‍යකුගේ නමින් පිහිටුනු ආගමක් නොවෙයි. එය විශ්වය නිර්මාණය කර, පාලනය කරමින් සිටින අල්ලාහ් විසින් මානවයාට පිරිනමනු ලැබූ ජීවන ක්‍රමයකි. එයින් තහවුරු වන වැදගත් කරුණ නම්, ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත එන ආගම බවයි. ලෝක ඉතිහාසය තුළදි බිහිවූ කෙනෙකුගේ නමින් පිහිටුනු දහමක් නොවෙයි. අතරමගදි නිර්මාණයවුනු දහම් තුළින් ඊට පෙර ජීවත්වූ අයට පිළිසරණක් වන්නට මගක් නොමැත. එවිට එය අසාධාරණයක් වනු ඇත. එනමුත් ඉස්ලාම් ඉදිරියේ පමණක් මෙවැනි ප්‍රශ්ණයක් හටගන්නේ නැත. මන්ද ඉස්ලාම් ආරම්භක මිනිසා පටන් පැවත ආ දහමකි. නිර්මාතෘවරයා විසින් මිනිසාට පිරිනමනු ලැබූ ජීවන සැලැස්මකි.

Hell is hotter

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඔහු පවසයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශු කුර්ආනය: 3: 19).

ඉස්ලාම් හැර කව්රුන් වෙනත් ආගමක් ප්‍රිය කරයිද එය නොපිළිගැනේ, ඔහු මතු දිනයේදි පාඩු විදින්නෙකුද වේ˜ (ශු කුර්ආනය 3: 85).

මිනිසුන් අතර බහුලව පවතින වැරදි මතයක් නම් ඉස්ලාම් අවුරුදු එක්දාස් හාරසියකට පෙර බිහිවුනු ආගමක් බව. මෙයට හේතුව මුහම්මද් නබි (සල්) තුමන් මක්කාවෙහි සිට මදීනාව බලා ගිය හිජ්රා ගමන මුල්කොටගෙන ඉස්ලාමීය දින දර්ශනය සැකසීමයි. මෙය ඉස්ලාමයේ ආරම්භය නොවේ.

මුහම්මද් නබි (සල්) තුමන් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: —ඔහු අල්ලාහ්ගේ දුතවරයාද, අවසන් ශාස්තෘවරයාද වේ˜

(ශු කුර්ආනය 33: 40).

අවසන් ශාස්තෘවරයා යනු සඳහන්වීමෙන් අදහස්වන්නේ මීට පෙරත් ශාස්තෘවරු පැමිණුනු බවයි. මෙය තවත් සාක‍ෂාත් කරන වාක්‍යන් ශුද්ධවූ අල්කුර්ආනයෙහිද, නබි වදන්වලද අනන්තව දැකගත හැක.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —නූහ්ට හා ඔහුට පසු පැමිණුනු ශාස්තෘවරුන්ට අපි දේව පණිවුඩ අනාවරය කළාක්මෙන් (මුහම්මද්æ) ඔබටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යඃකුබ් (ඔහුගේ) පරම්පරාව, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුෙලෙමාන් වැනි අයටද අපි දේව පණිවුඩ අනාවරණය කළෙමු. දාවූද්ට සබූර් නම් (දේව ග්‍රන්ථය) අනාවරණය කළෙමු. (මුහම්මද්æ) මීට පෙර ඔබට සමහර ශාස්තෘවරුන් පිළිබඳ පුවත් දැන්වුවෙමු. සමහර ශාස්තෘවරුන්ගේ පුවත් ඔබට නොපැවසුවෙමු˜

(ශු.කුර්ආනය 4: 163,164).

—(ශාස්තෘවරයානනි) ඔබ පවසන්න මම ශාස්තෘවරුන්ගෙන් අළුත් කෙනෙකු නොවේ˜. (ශු.කුර්ආනය 46: 9).

මෙම සියළු අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරුවන්නේ ඉස්ලාම් මිනිස් ආරම්භය පටන් පැවත එන ආගමක් බවයි.

නිර්මාණයන්ට වැඳ වැටීම මුළුමනින් තහනම් කර නිර්මාතෘ ඉදිරියේ පමණක් යාඥාවන්, වන්දනා මාන කිරීම ඉස්ලාම්හි මූලික හරය හා දර්ශනය වේ. සමාන දුර්වලතාවන්ගෙන් යුත් තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටීම උතුම් කි්‍රයාවක් සේ නොසළකා මුළුමනින්ම එය තහනම් කිරීම. හිස නමා ආචාර කිරීම, ගරු කිරීම සඳහා නැගිට සිටීම මේ සියල්ල ඉස්ලාම් තහනම් කරයි. දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීමට අණකරන ඉස්ලාම් ඔවුන් ඉදිරියේ වැඳ වැටීමට තහනම් කරයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —ඔබේ ස්වාමින් තමන්ට හැර වෙනත් කිසිවෙකුට වන්දනාමාන නොකරනලෙස නියෝග කළේය, තවද දෙමාපියන්ට යුතුකම් ඉටු කරන ලෙසත් ඔහු නියෝග කළේය˜

(ශු කුර්ආනය 17: 23)

තැරැව්කරුවන් අවශ්‍ය නැත:

වෙනත් දේව සංකල්ප හා සිද්ධාන්ත මෙන් නොව කෙනෙකු ඉස්ලාම් දහමෙහි දෙවියන්ට සෘජුව සම්බන්ධවීමට හැක. ඉස්ලාම් දහමෙහි තැරැව්කරුවන් අවශ්‍ය නැත. ඉතා සීමිත කුලයන්ට ගෝත්‍රයන්ට පමණක් පිරිනමන එම ආගමික ප්‍රමුඛත්වය, පෘථගජනයන් දේව දූතයන් බවට පරිවර්තනය කරන පුහු දුර්මතයන්ට ඉස්ලාම් දහම තුළ අබමල් රේණුවක තරම්වත් අවකාශයක් නැත. සියළු ජනයා එක හා සමාන වේ. පරමාන්ත දිනයේදි ඔහුගේ කි්‍රයාවන් චේතනාවන් මුල්තැන ගනු ඇත.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:

—මාගේ දාසයන් මා පිළිබඳ ඔඛෙන් ප්‍රශ්න කළා නම්, මා ඉතා සමීප බව පවසන්න. මා ප්‍රාර්ථනාකරන්නන්ගේ ප්‍රාර්ථනාවන් පිළිගනිමි. ඔවුන් මාගෙන් ප්‍රාර්ථනා කරත්වා, මා කෙරෙහි විශ්වාසය තබත්වා˜

(ශු අල්කුර්ආනය 2: 186).

මිථ්‍යා විශ්වාසයන්ට, අන්ධ භක්තීන්ට ඉස්ලාම් තුළ ඉඩ නැත:

ආගමෙහි නමින් රැවට්ටීම, මං මුළා කිරීම හැම කාලයකදීම පාහේ සිදුවිය. එයට මූලික හේතුව ඔවුන් අදහන ආගම් සංකල්ප එම දොරටුවන් විවර කර තැබීමයි. නැතහොත් ආගමික මූලිකත්වය හොබවන බොහෝ උදවිය තමන්ට අදෘශ්‍යමාන දේ දන්නා බවත් අනාගතය පිළිබඳ අනාවැකි කීමේ හැකියාව තමන් සතු බව පවසා අහිංසක ජනයා මං මුළා කරති. නමුත් මෙසේ පවසන සියල්ලන් සාමාන්‍ය ජනයාගෙන් යැපීම පැහැදිළිව දැක ගත හැකි කරුණකි. මෙවැනි දේට ඉස්ලාම්හි කොහෙත්ම ඉඩ නැත. මුස්ලිමෙකු තම ප්‍රාණයට වඩා උසස් කොට සළකන මුහම්මද් නබි (සල්) තුමන්, මුළු ලොව වාසි ජනතාවටම අවසන් ශාස්තෘවරයා වශයෙන් පැමිණුනු, ඒ වගේම අල්ලාහ්ගේ විශේෂ ගෞරවයට පාත්‍රවූ එම උදාර පුරුෂයාට පවා අල්කුර්ආනය මගින් අල්ලාහ් මෙසේ නියෝග කරයි:

(ශාස්තෘවරයානනි) පවසන්න, අල්ලාහ් කැමතිවූවා නම් හැර මට කිසිදු යහපතක් හෝ විපතක් කරගැනීමට ශක්තිය නොමැත. අදෘශ්‍යමාන දේ පිළිබඳ ඥානය මා තුළි පවතී නම් මා යහපත පමණක් වැඩිකර ගමි. (එවැනි අවස්ථාවක) මට කිසිදු විපතක් ඇති නොවේ. මම විශ්වාස කරන ජනතාවට අවවාද කරන්නා හා සුභාශිංෂණය පතන්නා පමණය˜

(ශු අල්කුර්ආනය 7: 188).

සාත්‍ර, මන්ත්‍ර, ගුරුකම් වලට හෝ මිථ්‍යා විශ්වාසයන්ට හෝ අන්ධ භක්තීන්ට හෝ ඉස්ලාම් තුළ කොහෙත්ම ඉඩ නැත. එම දොරටුවන් සියල්ලට ඉස්ලාම් අගුළු දැමූහ.

අන් අයගේ යුතුකම් ඉටු කිරීම:

නිර්මාතෘවරයා අල්ලාහ්ට පමණක් යුතුකම් ඉටුකර සීමාකර ගැනීම පරිපූර්ණ විශ්වාසවන්තයෙකු කියාගැනීමට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ යැයි අල්ලාහ් පවසයි. —තවද අල්ලාහ්ට පමණක් යාඥා කරන්න ඔහුට කිසිදු දෙයක් සමාන නොකරන්න, තවද දෙමාපියන්ටද, ලේ ඥාතීන්ටද, අනාථයින්ටද, දුගීන්ටද, මගීන්ටද, ඥාතීන්වන අසල්වැසියන්ටද, ඥාතීන් නොවන අසල්වැසියන්ටද, ඔබේ අසලින් සිටින්නාටද, ඔබේ දකුණු අත හිමිකරගත් අයටද උපකාර කරන්න˜

(ශු කුර්ආනය 4: 36).

ඉහත සඳහන් මෙම පාඨයෙන් සනාථ වන කරුණ නම් සලාතය, උපවාසය නිසිලෙස ඉටුකර, තමන්ගේ පවුල් ඥාතීන්, අසල්වැසියන්, වෙනත් අයගේ යුතුකම් ඉටු නොකර එය පැහැර හරින, ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයන් ගනු දෙනු පවිත්‍රව නොපවත්නා අන් අය හූරාකන මෙ වැනි අය හොඳින් අවදානය යොමු කළ යුතු වදනකි. ඉස්ලාම් සීමිත යාඥා ක්‍රමවලට පමණක් සීමාවුනු ආගමක් නොවෙයි. එය මිනිසෙකුගේ මුළු ජීවිත කාලයම යාඥාවක් වශයෙන් පරිවර්තනය කරන්නට උත්සා දරයි.

නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු වරක් මුස්ලිම් වරුන් අතුරින් ශ්‍රේෂ්ඨයා කව්දැයි ප්‍රශ්න කළ විට, —කව්රුන් තම දිවෙන් හා දෑතින් අන් අයට හිරි හැර නොකරන්නේද ඔහු නියම මුස්ලිමෙකු වේ˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

—ඉස්ලාම්˜ විශ්ව නිර්මාතෘ ඉදිරියෙහි පිළිගැනුනු එකම දහම :

ඉස්ලාම් දහම කෙනෙකුට උපතින්ම හිමිවන බූදලයක් නොවෙයි. ඔහු එහි ඉගැන්වීම් දැන හඳුන, අල්ලාහ්ට පමණක් අවනත වී, එහි නියෝගයන් පිළිපැදීමට කිසිදු අවස්ථාවක නොපැකිළී, ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන් අනුගමනය කර ජීවත්වෙයි නම් ඔහුයි නියම මුස්ලිම්.

—ඉස්ලාම්˜ යනු ශාන්තිය හා සාමය යන අර්ථයන් ගෙන දෙන වචනයකි. ඔබ වෙනත් සහෝදරයෙකු හමුවූ විට —අස්සලාමු අෙලෙකුම්˜ යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතුයි. මෙහි අර්ථය නම් ඔබට සාමය, ශාන්තිය උදාවේවා,මෙය සෑම අවස්ථාවකටම, සෑම මොහොතකටම, පුද්ගලයෙකුටම ගැලපෙන සුභ පැතීමකි. විශ්ව නිර්මාතෘ ඉදිරියේ පිළිගැනුනු එකම දහම ඉස්ලාම් බව ශුද්ධවූ අල්කුර්ආනය සඳහන් කරයි: —අල්ලාහ් විසින් පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ˜ (ශුඅල්කුර්ආනය 3: 19).

ලෞකික ආශාවන්ගෙන් මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ:

අල්ලාහ්ගේ තෘප්තිය හා උසස් සුවර්ගය උදෙසා කෙනෙකු මෙම ජීවිතයේ සෑම ආශාවක්ම මැඩලිය යුතුද? සෑම ආශාවකින්ම මිදී ජීවත්විය යුතුද? එය එසේ නොවේ. අල්ලාහ්ගේ තෘප්තිය හා සදාතනිකවූ සෞභාග්‍ය වන ස්වර්ගය හිමිකර ගැනීමේ අරමුණින් මෙම ජීවිතයේ සෑම ආශාවකින්ම කෙනෙකු මිදී ජීවත්වීමට අවශ්‍ය නොවේ. එය ඉස්ලාමීය ඉගැනවීමද නොවේ. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —කෙනෙකුට දරන්න බැරි දුෂ්කර ආයාසයක් අල්ලාහ් නොපටවන්නේය˜ (ශු කුර්ආනය 2: 286).

මිනිසා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇති ආශාවන්ට තහනම් පැනවීම ප්‍රායෝගික නොවේ.

අධ්‍යාත්මිකව ඉතා උසස් ස්ථානයක් හිමිකරගැනීමට විවාහය බාධාවක් වශයෙන් දකින සමහර සිද්ධාන්ත එය වැළැක්වීමට උත්සාහ දරයි. නමුත් ඉස්ලාම් එසේ නොව විවාහය එම ගමනට රුකුලක් වශයෙන් දකි. වරක් නබි (සල්) තුමන් තරුණ පරපුර අමතා —තරුණයිනි, ඔබ අතුරින් විවාහ කරගැනීමට ශක්තිය ඇතිකෙනා විවාහ කරගන්න, නියතයෙන්ම එය ඔබේ බැල්ම (වැරදි දේ බැලීමෙන්) පහත හෙළයි, ඔබ වැරදි මගට යොමුවීමෙන් ඔබව වළක්වයි˜ ඉස්ලාම් අධ්‍යාත්මිකව කෙනෙකු ලබාගන්නා උසස් ස්ථානයට විවාහය රැකුලක් සේ දකි එය ආවඩයි.

තවත් වරක් අවසන් ශාස්තෘවරයානන්: —ඔඛෙන් කෙනෙකු තම ලිංගික ආශාවන් සිය බිරිඳත් සමග ඉටුකරගැනීමත් පින් ගෙනදෙන කි්‍රයාවකි යනුවෙන් පැවසූ විට, රැස්ව සිටි මිත්‍රවරුන් කෙනෙකු තම ලිංගික ආශාවන් ඉටුකර ගැනීමටත් යහපතක් තිබේදැයි මවිතයෙන් විමසු විට, ඔඛෙන් කෙනෙකු අනියම් මාර්ගයකින් එය ඉටුකරන විට එයට පාපයන් හිමිවෙනවා නොවේද? එසේ යැයි ඔවුන් කී විට ඉස්ලාම් අනුමත කළ මාර්ගයෙහි එය ඉටුකරන විට එයට යහපත හිමිවනු ඇත˜ යැයි ප්‍රකාශ කළහ.

ඉහත සඳහන් මෙම සියළු පුවත්වලින් තහවුරුවන වැදගත් කරුණ නම් ලෞකීක ආශාවන් යටපත්කර ජීවත්වීමට කොහෙත්ම ඉස්ලාම් අනුමත නොකරයි. එම ආශාවන් ඉස්ලාම් පෙන්වූ මග ඔස්සේ ඉටු කරගැනීම උතුම් කි්‍රයාවක් සේ ඉස්ලාම් දකි. මෙයින් පෙනීයන තවත් කාරණයක් නම් ඉස්ලාම් ප්‍රායෝගික හා ස්වභාවික දහමකි. මිනිසාගේ භාහිර පැත්ත නොසළකා හැර ඔහුගේ ආත්මාවට පමණක් මූලිකත්වදය නොදෙයි. ඒ වගේම ඔහුගේ භාහිර පැත්තට මූලිකත්වය දී අධ්‍යාත්මික පැත්ත නොසළකා හැරීමද නොකරයි. මධ්‍යම ප්‍රතිපදාවක් ඉස්ලාම් අනුගමනය කිරීම මෙහි සැළකිය යුතු කරුණකි.

මුදල් ඉපැයීම ඉස්ලාම් යහපත් කි්‍රයාවක් සේ දකි:

සලාතය (දේව නැමදුම) නිමවූ විට ඔබ මහ පොළොවෙහි විසිරගොස් අල්ලාහ්ගේ භාග්‍යන් උපයන්න˜

(ශු අල්කුර්ආනය 62: 10).

අඛණ්ඩව යාඥා කටයුතු කිරීමට පමණක් කොහෙත්ම ඉස්ලාම් නො උගන්වයි. නැතහොත් කෙනෙකු සිය බිරිඳගේ දූදරුවන්ගේ පවුලේ ඥාතීන්ගේ යුතුකම් පැහැර හැරීම ඉස්ලාම් දකින්නේ බලවත් වරදක් සේය.

කෙනෙකු සිය බිරිඳට කවන බත් පිඩද දන් දීමක් ලෙස˜ නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. කෙනෙකු මෙම සමාජ වගකීම් පැහැර හැර කටයුතු කිරීමට ඉස්ලාම් අනුමත නොකරයි. සමාජයෙන් ඈත්වී වන ගත ජීවත්වන පුද්ගලයාට වඩා සමාජයෙහි අර්බුදයන් මැද යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වන පුද්ගලයා ඉස්ලාම් ප්‍රියකරයි.

සමානාත්මතාවය:

සමානාත්මතාවය පිළිබඳ බොහෝ ආගම්, සංකල්ප කථා කළද එයට විරුද්ධ වන අවස්ථා එමටය. එනමුත් ඉස්ලාම් සමානාත්මතාවය ප්‍රයෝගික ඔප්පු කළ දහමකි. ඉස්ලාම් ඒ වෙනුවෙන් දැමු වැඩ පිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. අරාබිකරයේ උපත ලැබ එම පරිසරයේම ජීවත් වූ අරාබි ජාතිකයෙකු වූ අවසන් ශාස්තෘවරයානන්, (මුහම්මද් නබි (සල්) තුමන්) එම ජනතාව බලා, ඔබලා මේ කරුණ සිහි තබාගන්න

—අරාබි නොවන ජාතිකයින්ට වඩා අරාබි ජාතිකයින්ට කිසිදු සුවිශේෂත්වයක් හිමිවන්නේ නැත. කළු ජාතිකයෙකුට වඩා සුදු ජාතිකයෙකුට කිසිදු සුවිශේෂත්වයක් නැත. සුවිශේෂත්වය හිමිවනුයේ අල්ලාහ් කෙරෙහි බිය බැතිව කටයුතු කරන්නාටය˜ යනුවෙන් ප්‍රකාශ කළහ.

තවත් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —මනුෂ්‍යින් සියල්ල ආදම්ගේ පුත්‍රයන්ය, ආදම් පසින් නිර්මාණය කරනු ලැබිනි˜ ඉස්ලාම් කෙරෙහි ඇදි එන ජනයා අතුරින් කුල භේදයන් වර්ණ භේදයන් හේතු කොටගෙන බැට කන බොහෝ උදවියද වේ. විද්‍යාව තාක‍ෂණය දියුණුවූ මෙවන් යුගයක පවා දියුණුවූ රටවල්හි කළු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, සුදු ජාතීන්ට වෙනත් සිද්ධස්ථාන, කළු ජාතීන්ට වෙනත් පාසැල්, සුදු ජාතීන්ට වෙනත් පාසැල්, මෙම නූතන යුගයෙහි පවා සුනඛයන් ලවා කළු ජාතීන්ට වද හිංසා පමුණුවූ සෝචනීය දර්ශනයන් විද්‍යුත් මාධ්‍යන් තුළින් ඇසුවෙමු, දුටුවෙමු.

දිනකට පස් වරක් ඉටුකරන සලාතය සමූහව ඉටු කිරීමට ඉස්ලාම් නියෝග කිරීම තුළින් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි. එම සලාතයන් ඉටු කරන අවස්ථාවෙහි උරෙනුර ගැටි පෙළ ගැසිය යුතුය.

අවුරුද්දකට වරක් සීයට දෙක හමාරක් තම ධනයෙන් දුගීන්ට දුප්පතුන්ට ලබාදෙන ලෙස ඉස්ලාම් ධවනතුන්ට අනිවාර්්‍ය කිරීමෙන් එම සමානාත්මතාවය ස්ථාපිත කරයි.

වසරකට වරක් පුරා මාසයක් උපවාසයෙහි නිරතවීමට අණ කිරීමෙන් පොහොසතාට කුස ගින්නෙහි අමාරුව දැනෙයි, එයින් ඔහු තුළ දිළින්දන්ට උදව් කිරීමේ මානසිකත්වයක් උදාවෙයි. හජ් හෙවත් උසස් යාඥාව තුළින් කුමන දේශයට, වර්ණයට, භාෂාවට අයත් කෙනෙකු හෝ වේවා, හැමෝම එක හා සමාන ඇඳුමකින් සැරසී එම යාඥාවන් ඉටු කිරීම මගින් ජාත්‍යන්තර සහෝදරත්වයක්, සමානාත්මතාවයක් ඉස්ලාම් ගොඩනගයි.

ඉස්ලාම් හා පවිත්‍රත්වය:

මිනිසාගේ ජීවිතයෙහි සෑම අංශයක් පිළිබඳම අවධාරණය කරන ඉස්ලාම් පවිත්‍රත්වය කෙරෙහිද වැඩි සැළකිල්ලක් දක්වයි. ශුද්ධවූ අල්කුර්ආනය පවසයි: —සැබවින්ම අල්ලාහ් පශ්චාත්තාපකරන්නන් හා පවිත්‍රවන්තයින් ප්‍රියකරයි˜

(ශු කුර්ආනය 9: 108).

තවද ඉස්ලාම් පවිත්‍රත්වය දේව විශ්වාසයෙහි අඩක් වශයෙන් පවසයි. වරක් ශාස්තෘවරයානන් පවසන විට —පවිත්‍රත්වය විශ්වාසයෙහි අඩකි˜ මෙම ප්‍රකාශයන් සියල්ල ඉස්ලාම් වචනයට පමණක් සීමා නොකර, මෙයට දැමු ප්‍රායෝගික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීයයි. කෙනෙකු දිනකට පස්වරක් අල්ලාහ් වෙනුවෙන් සලාතය ස්ථාපිත කළ යුතුයි, හැම සලාතයක් පාසාම ඔහු දෝවනය කරගත යුතුයි.

නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ, —ස්භවායෙන්ම පිහිටුනු කරුණු පහක් ඇත. චර්ම ඡේදනය, මර්ම ස්ථානයෙහි හා කිසිල්ලෙහි රෝමයන් ඉවත් කිරීම, නියපොතු කැපීම, උඩු රැවුල කොට කිරීම˜ (මූලාශ්‍රය: බුහාරි).

මුත්‍රා පහ කිරීමෙන් පසු එය පවිත්‍ර නොකර සිටීම මරණින් මතු ජීවිතයෙහි ද~ුවම් ලද වරදක් සේ ඉස්ලාම් අවධාරණය කරයි.

—(ශාස්තෘවරයානනි) ඔවුන්ට අනුමත දේ පිළිබඳ ඔඛෙන් ප්‍රශ්නකරයි, පරිශුද්ධ දේ ඔවුන්ට අනුමත බව පවසන්න˜

(ශු කුර්ආනය 5: 4).

කෙනෙකුගේ මුළු ජීවිතයම පවිත්‍රවිය යුතු බව ඉස්ලාම් උගන්වයි.

ඉස්ලාම් දහමට පිවිසීම තුළින් කෙනෙකුට ලැඛෙන වරප්‍රසාද:

කෙනෙකු සියළු මිථ්‍යා විශ්වාසවලින් මිදී, ඔහු විසින් අඹා ගත් ප්‍රතිමාවන්ට වැඳ පුදා ගැනීමෙන් බැහැර වී විශ්වයේ එකම බලය ශක්තිය අල්ලාහ් දෙසට පමණක් හැරි ඔහුගේ එකීය බාවය හා ඔහු විසින් තෝරාපත් ගනු ලැබූ අවසන් ශාස්තෘවරයා මුහම්මද් නබි (සල්) තුමන්ගේ ශාස්තෘ පදවිය පිළිගෙන ඒ අනූව ජීවත්වන බව ප්‍රතිඥාවක් ගත් විට ඔහු හෙතෙම මුස්ලිමෙකු වේ. —මුස්ලිම්˜ යන නාමය කෙනෙකුට උපතින්, ජාතියෙන්, වර්ණයෙන්, දේශයෙන්, භාෂාවෙන් හිමි නොවේ. මුස්ලිම් යනු අල්ලාහ්ට අවනත වී ජීවත්වන්නාය. ඔහුගේ අණ පණත් වලට අවනත වී ඔහු වැළකු දෙයින් මුළුමනින් ඈත්වී තම ජීවිතය හැඩ ගසා ගන්නාය.

කෙනෙකු මුස්ලිම් වීමෙන් ඔහුගේ පෙර පාපයන් සියල්ල කමා කරනු ලබයි. ඔහු එදින උපත ලද දරුවෙකු සේ පාපයන්ගෙන් පරිශුද්ධ වෙයි. මරණින් මතු ජීවිතයෙහි ඔහුට සදාතනික ජය හිමිවෙයි. ඔහු නිරයෙහි ද~ුවම් වලින ඔහුට රැකවරණය ලැඛෙයි.